විශේෂාංගගත

ආයතනික තොරතුරු

TAFE සමාගම 1960 වසරේදී ඉන්දියාවේ චෙන්නායි හි ආරම්භ කරන ලද ඉන්දීය ට්‍රැක්ටර් නිෂ්පාදන සමාගමක් වන අතර වර්තමානයේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 16 කට අධික වාර්ෂික ආදායමක් උපයන ජාත්‍යන්තර කීර්තිමත් සමාගමකි වසරකට ට්‍රැක්ටර් 200 000 අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන TAFE සමාගම ඉන්දියාවේ දෙවැනියට විශාලතම සහ ලෝකයේ විශාලතම ට්‍රැක්ටර් නිෂ්පාදකයෙක් වෙයි

ආයතනික

පැතිකඩ

TAFE - ට්‍රැක්ටර් සහ ගොවිපොල උපරකරණ ලිමිටඩ්, ආයතනය 1960 දී ඉන්දියාවේ චෙන්නායි හි සංස්ථාගත කරන ලද ඉන්දියානු ට්‍රැක්ටර් නිෂ්පාදකයන් අතර ප්‍රධාන සමාගමක් වන අතර වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියන 1.6 ක් ඉක්මවා ඇත. ලෝකයේ විශාලතම ට්‍රැක්ටර්නිෂ්පාදකයන්ගෙන් එකක් වන TAFE ආයතනය ඉන්දියාවේ දෙවන විශාලතම ට්‍රැක්ටර් නිෂ්පාදකයා වේ. TAFE ආයතනය වාර්ෂිකව ට්‍රැක්ටර් 200,000 කට අධික ප්‍රමාණයක් අලෙවි කරයි.

TAFE යනු ඇමරිකා එක්සත් ජනපදයේ AGCO සංස්ථාවේ සැලකිය යුතු කොටස් හිමියෙකි - ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික උපකරණ US$ බිලියන 11.1 ක නිෂ්පාදකයෙකි. ගුණාත්මකභාවය සහ අඩු මෙහෙයුම් පිරිවැය සඳහා පුළුල් ලෙස පැසසුමට ලක් වන එහි නිෂ්පාදන පරාසය හරහා TAFE පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගෙන ඇත. 1600+ කට අධික අලෙවි නියෝජිතයන්ගෙන් යුත් ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් සහිත TAFE හි ප්‍රචලිත ට්‍රැක්ටර් සන්නාම හතරකි - මැසි ෆර්ගියුසන් , TAFE, අයිචර් ට්‍රැක්ටර් සහ IMT

TAFE ආයතනය විසින් සර්බියානු ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික උපකරණ සන්නාමය වන IMT - Industrija Mashina i Traktora 2018 වසරේ දී අත්පත් කර ගත්තේය. TAFE විසින් AGCO සමඟ හවුල්කාරිත්වයෙන් සහ ස්වාධීනව ට්‍රැක්ටර් අපනයනය කරන අතර යුරෝපයේ සහ ඇමරිකාවේ සංවර්ධිත රටවල් ඇතුළත්ව රටවල් 100 කට අධික සංඛ්‍යාවක ගොවිපලවල් බලගන්වයි. ට්‍රැක්ටර් හැරුණු විට, TAFE සහ එහි අනුබද්ධ සමාගම් විවිධාංගිකරණය වූ ව්‍යාපාර සහිතව ගොවි-යන්ත්රෝපකරණ, ඩීසල් එන්ජින් සහ ජෙන්සෙට්, කෘෂි කාර්මික එන්ජින්, ඉංජිනේරු ප්ලාස්ටික්, ගියර් සහ සම්ප්රේෂණ සංරචක, හයිඩ්රොලික් පොම්ප සහ සිලින්ඩර, වාහන ෆ්රැන්චයිස් සහ වගාවන් හි නිරත වේ.

TAFE ආයතනික

දැක්ම

TAFE සමාගමේ සාර්ථකත්වයට මූලික සාධකයක් වන සමාගමේ ව්‍යාපාර දර්ශනය මුල්වරට එළි දුටුවේ 1992 වසරේදී පළ කෙරුණු සමාගමේ ආයතනික වීඩියෝ පටයෙනි. එහි මෙසේ සදහන් වී තිබිණි ''TAFE සමාගම වශයෙන් අපව උසස් තත්ත්වයේ නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා මෙහෙයවනු ලබන්නේ නිරීක්ෂණය කර, ඉංජිනේරු තාක්ෂණය හරහා අප නිරීක්ෂණය කළ දේ නැවත නිර්මාණය කිරීම නොව අප සෑම දෙනා තුළම විශිෂ්ටතම නිෂ්පාදනයන් නිර්මාණය කිරීම සඳහා සහජයෙන්ම පැන නඟින දැඩි ආශාවයි’’ (මූලාශ්‍රය: 1992 වසරේ එළි දක්වන ලද ආයතනික චිත්‍රපටය)

මෙම දැක්ම 1999 වසරේදී බැංගලෝරයේදී සමාගමේ සියඵ තලවල නියෝජිතයින්ගේ සහ බාහිර පාර්ශවයක් වන IIM හි සහභාගීත්වයෙන් පැවත්වුණු සමුඵවේදී TAFE සමාගමේ දැක්ම සහ වටිනාකම් සමුචය වශයෙන් නිල වශයෙන් සම්මත කෙරිණි. මෙම දැක්මට TAFE සමාගමේ සංස්කෘතිය, ශක්‍යතාවයන් සහ අපේක්ෂාවන් අන්තර්ගතය. ඉන් අනතුරුව එක්සත් රාජධානියේ TAFE සමාගම විසින් මෙම දැක්ම යථාර්තයක් බවට පත් කිරීම සඳහා ව්‍යාපාර සැළසුමක් සකස් කරන ලදී. TAFE සමාගමට ඉහළ ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන සැපයීමට සහ උසස් පාරිභෝගික සේවාවක් ලබා දෙමින්, ඉන්දීය ගොවි ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට ඉවහල් වූයේ මෙම සුවිශේෂී ව්‍යාපාර දැක්මයි.

අපේ

මූලික වටිනාකම්

අපේ විශ්වාසයන්, ප්‍රතිපත්ති සහ පිළිවෙත් සියල්ල පදනම් වන්නේ අපේ මූලික වටිනාකම් මතයි. අපගේ දෛනික කටයුතු, ව්‍යාපාර මෙහෙයුම් මෙන්ම අපේ ව්‍යාපාර ක්‍රමෝපාය පවා පදනම් වන්නේ මෙම වටිනාකම් සමුදාය මතයි. ප්‍රගතිය, ශක්තිය සහ සංකේතවත් කරන අපගේ නිල ලාංඡනයේ මෙම මූලික වටිනාකම් සමුචය මත පදනම් වූවක්. නිල ලාංඡනයේ පිටත චක්‍රය අඛණ්ඩ ප්‍රගතියද, අභ්‍යන්තර චක්‍රය සංවිධානයේ ශක්තියද සංකේතවත් කරන අතර අභ්‍යන්තර සුදු අවකාශය, යුක්තිය සහ සාධාරණත්වය සංකේතවත් කරයි.

පාරිභෝගිකයා

පාරිභෝගිකයාගේ නළලින් දහඩිය පිස දැමීමට අපට නොහැකි විය හැකි නමුත් නිසැකවම ඔවුන්ගේ මුහුණේ සිනහවක් තැබීමට අපට හැකිය.

ගුණාත්මකභාවය

අපගේ නිෂ්පාදනවල පමණක් නොව අප කරන සෑම දෙයකම ගුණාත්මකභාවය සඳහා කැපවෙමු .

TAFE අපි

අපි අපේ රැකියාවන් පමණක් වෙනුවෙන් වැඩ කරන තනි පුද්ගලයින් පිරිසක් නොව ඔබගේ දියුණුවේ හවුල්කරුවන්ය.

විශ්වාසය

පාර්ශවකරුවන් සමඟ විශ්වාසය සහ දිගුකාලීන සබඳතා අපි අගය කරමු, අපි ඒ අනුව ජීවත් වෙමු.

ආචාර ධර්ම

සදාචාරාත්මක පිළිවෙත්, විවෘතබව හා විනිවිදබව අපගේ පදනම ශක්තිමත් කරන කරුණුය.

පරිසරය

ව්‍යාපාර මෙහෙයුම් සිදු කරන අතරම පරිසරය රැක ගැනීමට සහ සමාජයට ධනාත්මකව දායක වීමටද අපි කැපවී සිටින්නෙමු.

වෙනස

වෙනස් විම පමණක් නොවෙනස් එකම දෙය වන ලෝකයේ සිදු වෙන වෙනස්වීම් කල්තියා හඳුනාගනිමින් ඊට මුහුණ දීමට සූදානම් වෙමින් වෙනස්වීම් සාර්ථකව කළමනාකරණය කරගැනීමට අපි කැපවී සිටින්නෙමු.

tafe

ඉතිහාසය

ඇමල්ගමේෂන් (Amalgamations) සමූහය 1960 වසරේදී ට්‍රැක්ටර් ව්‍යාපාරයට යොමු වූ අතර එවකට පර්කින්ස් ඩීසල් එන්ජින් නිෂ්පාදනයේ නියැලුණු සිම්සන් සහ සමාගමේ සභාපති වූ ආනන්ද රාම් ක්‍රිෂ්ණන් මහතා එකල ඇති වෙමින් තිබුණු කෘෂි විප්ලවයට සමගාමීව ට්‍රැක්ටර් නිෂ්පාදනයට උදා වූ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට තීරණය කිරීම ඇමල්ගමේෂන් සමූහය ට්‍රැක්ටර් ව්‍යාපාරයට යොමු වීමට හේතු සාදක විය. ඒ වනවිට Standard Motor Products of India සමාගම ලෝක ප්‍රකට මැසේ ෆර්ගියුසන් ඉන්දියා සමාගම වෙනුවෙන් බැංගලෝරයෙහි ට්‍රැක්ටර් රථ කොටස් එකලස් කිරීමේ ව්‍යපාරයෙහි නියැලුණු අතර මැසේ ෆර්ගියුසන් සමාගම ඒ වනවිට සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාව තුළම සිදු කිරීම සඳහා හවුල්කරුවෙක් සොයමින් සිටියේය. ඒ අනුව Amalgamations සමූහය සහ මැසේ ෆර්ගියුසන් සමාගම අතර ඒ සම්බන්ධව එකඟතාවයක් ඇති වුණු අතර ඉන් අනතුරුව Amalgamations සමාගම විසින් එකළ මදුරාසිය ලෙසින් හැඳින්වුණු චෙන්නායි වෙත නව නිෂ්පාදන කම්හල ගෙන යන ලදී. නව සමාගම Tractors and Farm Equipment Limited ලෙසින් හැඳන්විණි.

අපගේ

වෙළඳපල

TAFE ලෝකය සලකන්නේ එහි වෙළඳපොළ ලෙසයි. විවිධ කෘෂි දේශගුණික කලාප, භෝග සහ භාවිතයන් පිළිබඳ දශක හයකට වැඩි විශේෂඥ දැනුමක් ඇති TAFE ඕනෑම දේශගුණයක් හෝ යෙදුමක් සඳහා ට්‍රැක්ටර් සහ උපකරණ නිර්මාණය කරයි. එහි නිෂ්පාදන ගෝලීය වශයෙන් පිළිගෙන ඇති අතර, TAFE ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව සහ දකුණු ආසියාව ඇතුළු රටවල් 80කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ.

TAFE 

නායකත්වය

මල්ලිකා ශ්‍රී නිවාසන් මහත්මිය
සභාපතිනිය/කළමනාකාර අධ්‍යක්ෂිකා

TAFE - Tractors and Farm Equipment Limited සමාගමේ සභාපතිනී මල්ලිකා ශ්‍රීනිවාසන් මහත්මිය ඉන්දියානු කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ පිළිගත් චින්තන නායිකාවක් සහ උපායමාර්ගික ප්‍රවීණයෙක් වෙයි. 1960 දී චෙන්නායි හි ආරම්භ කරන ලද TAFE ගෝලීය වශයෙන් තුන්වන විශාලතම ට්‍රැක්ටර් නිෂ්පාදකයා වන අතර ඉන්දියාවේ දෙවන විශාලතම ට්‍රැක්ටර් නිෂ්පාදකයාය. වාර්ෂිකව ට්‍රැක්ටර් 180,000 කට වඩා අලෙවි කරන TAFE සමාගම යුරෝපය සහ ඇමරිකාව ඇතුළු රටවල් 100 කට අධික සංඛ්‍යාවක සිය ව්‍යාපාර මෙහෙයුම් සිදු කරයි.

ශ්‍රීනිවාසන් මහත්මිය AGCO Corporation - USA සහ TATA Steel Limited, TATA Global Beverages Limited ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් වශයෙන් කටයුතු කරයි. මීට අමතරව, ඇය හයිද්‍රාබාද් හි ඉන්දියානු ව්‍යාපාර පාසලේ විධායක මණ්ඩලයේ සාමාජිකාවක් වශයෙන් සහ, චෙන්නායි හි ඉන්දීය තාක්ෂණික ආයතනයේ සහ ට්‍රිචි හි භාරතිදාසන් කළමනාකරණ ආයතනයේ පාලක මණ්ඩල සාමාජිකාවකි.

TAFE

නායකත්වය

ඒ. සිවසයිලම්
හිටපු සභාපති

1960 දශකයේ කුඩා ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ වූ ඇමල්ගමේෂන් (Amalgamations) සමාගම ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරයක් දක්වා දියුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ සිවසේලම් මහතාටය. ලන්ඩනයේ වරලත් ගණකාධිකාරී ආයතනයක කෙටි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව 1961 වසරේදී ඉන්දියාවට පැමිණි සිවසේලම් මහතා TAFE සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් කටයුතු ආරම්භ කරමින් TAFE සමාගම දියුණුවේ මාවත ඔස්සේ රැගෙන යාම ආරම්භ කළේය. පසුකාලීනව සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් උසස් වීම් ලැබූ සිවසේලම් මහතා කෙටි කාලයක් ඇතුළත ඇමල්ගමේෂන් සමූහයේ සභාපතිධුරයට පත් වූ අතර ඔහුගේ නායකත්වය යටතේ ඇමල්ගමේෂන් සමූහය ආදායම් දෙගුණ තෙගුණ කරමින් අති සාර්ථක ගමනක නිරත විම සිදු විය.

සිවසේලම් මහතා සතු ව්‍යාපාර බුද්ධියට අමතරව මෙම සාර්ථකත්වය සඳහා මූලික හේතුවක් වූයේ දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු වනු දැකීමට ඔහු තුළ වූ දැඩි කැමැත්ත සහ ආශාවයි. මෙනිසා ඉන්දීය කෘෂිකාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රවල සංවර්ධනයට සෘජු දායකත්වයක් දැක්වීමට ඔහුට හැකි වූ අතර ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල කිහිපයකින් ගෞරව ආචාර්ය උපාධි පවා ඔහු වෙත පිරිනමනු ලැබිණි.

TAFE

නායකත්වය

S. අනන්තරාමක්රිෂ්ණන්
ආරම්භක සභාපති

‘ජේ ’ යන නමින් ආදරයෙන් හැඳින්වුණු සිවසේලම් අනන්තරාමක්‍රිෂ්ණන් මහතා (1905 - 1964 අප්‍රේල් 18) සුප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයෙක් වන අතර 1945 වසරේදී ඇමල්ගමේෂන් සමූහ ව්‍යාපාරය ආරම්භ කර 1964 දක්වා එය සාර්ථකත්වය කරා මෙහෙයවූ දක්ෂ ව්‍යාපාර නායකයෙකි.

1905 වසරේදී තිරුනෙල්වේලි හිදී උපත ලැබූ ඔහු තිනෙල්වේලි සහ මදුරාසියේ අධ්‍යාපනය ලැබූ අතර 1935 වසරේදී සිම්සන් සමූහ ව්‍යාපාරයේ ලේකම්වරයෙක් ලෙස සේවයට එක් විය. 1938 වසරේදී එම සමාගමේ පළමු ඉන්දීය අධ්‍යක්ෂකවරයා බවට ඔහු 1953 වසරේදී සමාගමේ සභාපති බවට පත් වූ අතර 1964 වර්ෂයේදී අභාවප්‍රාප්ත වන තුරුම එ ධූරය හෙබවීය.

අනන්තරාමක්‍රිෂ්ණන් මහතා ඔහුගේ සුවිශේෂී ව්‍යාපාරික බුද්ධිය සහ ව්‍යපාරික පිළිවෙත් මෙන්ම කම්කරු සංවිධාන කාර්යක්ෂමව කළමනාකරණය කරමින් චෙන්නායි හි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය දියුණුව කරා මෙහෙයවීම සම්බන්ධයෙන් ගෞරවාදරයට පත් වූ චරිතයකි. චෙන්නායි නගරය ‘ඉන්දියාවේ ඩෙට්රොයිට්’ ලෙසින් හඳුන්වන තරම් කාර්මික නගරයක් බවට පරිවර්තනය කළ නිසා ඔහු ‘දකුණු ඉන්දියාවේ හෙන්රි ෆෝඩ්’ලෙසින් විරුදාවලි ලබා ඇත.