TAFE ට්‍රැක්ටරය

ලොව පුරා ව්‍යාප්තිය

බලයත් ජවයත් කැටි කරගත් සෑම TAFE ට්‍රැක්ටර් මොඩලයක්ම ඕනෑම වැඩකට ගැලපෙන අතිශය කාර්යක්ෂම යන්ත්‍රයක්.

TAFE ට්‍රැක්ටරය

නව නිපැයුම් ඉංජිනේරු ව්‍යාප්තිය

බලයත්, ජවයත් කැටි කරගත් සෑම TAFE ට්‍රැක්ටර මොඩලයක්ම ඕනෑම වැඩකට ගැලපෙන අතිශය කාර්යක්ෂම යන්ත්‍රයක්.

අපගේ උරුමය ගැන

TAFE

TAFE ට්‍රැක්ටර් යනු 1960 වසරේදී ආරම්භ කෙරුණු TAFE සමාගමේ ප්‍රධානතම වෙළඳනාමයයි. වර්තමානයේදී ලෝකයේ විශාලතම ට්‍රැක්ටර නිෂ්පාදකයෙක් වන TAFE ට්‍රැක්ටර් සමාගම සිය නිෂ්පාදනවල කල්පැවත්ම, විශ්වාසනීයත්වය, කාර්යක්ෂමතාවය, භාවිතයට පහසුබව වැනි හේතු නිසා ලෝකය පුරා පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනූ සන්නාමයක් බවට පත්ව තිබෙනවා. ටැෆේ ට්‍රැක්ටර සවි ශක්තිය සහ නිවැරදි බවින් ඉහළ, උසස් තාක්ෂණය ගැන නම් දැරූ ට්‍රැක්ටර නිෂ්පාදනයේ ප්‍රවීණයෙක්.

TAFE
අපගේ බෙදාහරින්නා

බ්‍රවුන්ස් ඇන්ඩ් කොම්පැනි පී එල් සී

බ්‍රවුන්ස් ඇන්ඩ් කොම්පැනි පී එල් සී (Browns and Company PLC) සමාගමේ ආරම්භක ව්‍යාපාරය වන්නේ බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් අංශය (Browns Agriculture Division) වන අතර එය වසර 140 කට වැඩි සාඩම්බර ඉතිහාසයක් ඇති සමාගමකි. 1951 වසරේදී පසුපසින් ඇවිදිමින් හැසිරවිය හැකි ට්‍රැක්ටරයක් සහ 1952 වසරේදී රෝද 4 ක ට්‍රැක්ටරයක් පළමු වරට ශ්‍රී ලංකාව හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් සමාගමටයි.

2003 වසරේදී බ්‍රවුන් සහ සමාගමට TAFE ට්‍රැක්ටර් බෙදාහැරීමේ නියෝජිතධූරය හිමි වූ අතර 2005 වසරේ සිට මේ දක්වා රෝද 4 ට්‍රැක්ටර් වෙළඳපොලේ අවිවාදිත ප්‍රමුඛයා වශයෙන් රැඳී සිට ඇත. එමෙන්ම පාරිභෝගික අලෙවිය අතින් පමණක් නොව ආයතනික අලෙවිය අතින් පවා 90] ක වෙළඳපොළ කොටසක් හිමි කරගැනීමට බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් සමාගමට හැකි වි ඇත.

වර්තමානයේදී බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් සමාගම සිය ව්‍යාපාර කටයුතු වැනි විවිධ අංශ කරා ව්‍යාප්ත කර ඇත. එමෙන්ම බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් සමාගම දිවයින පුරා ව්‍යාප්ත 130 කට අධික බෙදාහැරීමේ නියෝජිත ජාලයක් පවත්වා ගෙන යන අතරම එයින් 70] ක්ම බ්‍රවුන් සමාගම වෙනුවෙන්ම සේවය කරන බලයලත් නියෝජිතයින් වීම විශේෂත්වයකි.

බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් සමාගම විශ්වාස කරන්නේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට තනි පුද්ගලයින් වශයෙන් පාරිභෝගිකයින්ගේ සිය`ඵ අවශ්‍යතාවයන්ට සරිලන නිෂ්පාදන ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව යමින් බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් සමාගම ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේ අවශ්‍යතාවයට ගැලපෙන TAFE ට්‍රැක්ටර් නිෂ්පාදන පෙළක්ම හඳුන්වාදී ඇත.

Combine Harvester වෙළඳාම් අංශය අතින් ගත්කළ බ්‍රවුන්ස් සමාගම ඉතා කෙටි කලක් තුළ එහි දැවැන්ත වෙළඳපොළ කොටසක් දිනා ගැනීමට සමත් වී ඇති අතර ඊට හේතු වන්නේ තාක්ෂණික වශයෙන් දියුණුතම සහ නවිනතම ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ ශ්‍රී ලාංකික ගොවි ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් උසුලන කීර්තියයි. විශේෂයෙන් Combine Harvester අංශය සම්බන්ධයෙන් ගත්කළ ජාත්‍යන්තර කීර්තිමත් සන්නාම 5 ක නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදා හැරීම සඳහා බලයලත් නියෝජිත වශයෙන් කටයුතු කිරීම මීට උදාහරණයක් ලෙසින් දැක්විය හැකිය.

මෙම සන්නාමවල ශක්තිය රඳා පවතින්නේ සපයනු ලබන අලෙවියෙන් පසු සේවාවන්හි ගුණාත්මකභාවය මත බව විශ්වාස කරන Combine Harvester සමාගම විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. එනිසා බ්‍රවුන්ස් සමාගම හොඳම අලෙවියෙන් පසු සේවා සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඊට ශ්‍රම ගාස්තු වලින් තොරව පාරිභෝගිකයා ළඟටම ගොස් සේවය ලබාදිම සහ වගකීම් කාල පරිච්ඡේදය අවසන් වූ පාරිභෝගිකයින් වෙනුවෙන් පවත්වන මෙගා සේවා ප්‍රචාරණ වැඩසටන්ද අයත් වේ. බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර් අංශය ඉහළ නිපුණතා සහිත තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සහ ශක්තිමත් සේවා ජාලයක් පවත්වාගෙන යන අතර TAFE සේවා ජාලය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන නගරවල සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර අමතර කොටස් සඳහා පහසු ප්‍රවේශයක් සහතික කරමින් දිවයින පුරා ශක්තිමත් අමතර කොටස් ජාලයක් ද සපයා ඇත.

TAFE අත්පත්‍රිකාව බාගත කරගන්න
බ්‍රවුන්ස් ඇන්ඩ් කොම්පැනි පී එල් සී
කෘෂිකර්මාන්තය

බලගන්වමින්

TAFE Tractor's prominent presence across the world.
80+

Countries

TAFE Tractors has about 1600 dealers across vivid counties
1600

Dealers

TAFE TRACTORS is the signature brand of TAFE - Tractors and Farm Equipment Limited, an Indian tractor major was incorporated in 1960.
1960

Incorporated

TAFE Tractors manufactures over 180000 tractors annually
+
200000+

Tractors Manufactured Annually

TAFE ලෝකය පුරා විවිධ ආකාරයේ භූමි ප්‍රදේශයන්, පාංශු තත්ත්වයන් වල විවිධ ආකාරයේ කාර්යයන් සම්බන්ධයෙන් සිය කාර්යක්ෂමබව සහ කල්පැවත්ම තහවුරු කර තිබෙනවා. TAFE ට්‍රැක්ටර් ලෝකය පුරා ගොවීන් අතර විශ්වාසයට තවත් නමක් බවට පත්ව තිබෙන්නේ ඒ නිසයි.

බලගන්වමින්
සීසාන

නවෝත්පාදනය

TAFE හි අප සතු ප්‍රධානතම වටිනාකමක් වන්නේ නව්‍යකරණයට ඇති අපේ කැපවීමයි. දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙමින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින් හට හඳුන්වාදීමට අපට හැකියාව ලබා දෙන්නේ නව්‍යකරණය වෙනුවෙන් අපේ ඇති එම කැපවීමයි. තාක්ෂණය අලුත් කරන අපේ නව්‍යකරණ උත්සාහය ඉදිරියටත් ගොවීන්ගේ ජීවිත පහසු කරමින්, නූතන කෘෂිකාර්මික විප්ලවය ලෝකය පුරා යථාර්තයක් බවට පත් කරනු දැකීම අපේ බලාපොරොත්තුවයි.

නවෝත්පාදනය
පුරෝගාමී මෙහෙවර

අනාගතය වෙනුවෙන්

TAFE දැක්ම තිරසාරත්වය නව්‍යකරණය සහ හරිත හෙටක් මත පදනම් වූ පැහැබර අනාගතයක් ඉලක්ක කරන දැක්මකි ගෝලීය තාක්ෂණික දියුණුවට සමගාමීව විශ්වාසනීය සහ කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර සහ උපාංග නිෂ්පාදනය කර ලෝකය පුරා ගොවීන් හට ලබා දෙමින් ඔවුන්ට නව කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට අවස්ථාව සළසා දිමට TAFE අපි නිරන්තරයෙන්ම කැප වී සිටින්නෙමු.

TAFE's vision encompasses sustainability, innovation, and technology
අපගේ

අනාගතය

වාර්ෂිකව TAFE ට්‍රැක්ටර 200 000 කට අධික ප්‍රමාණයකට නිෂ්පාදනය කෙරෙන අතර ඒ සෑම ට්‍රැක්ටරයක්ම ඉන්ධන කාර්යක්ෂමතාවය සහ පරිසර හිතකාමීත්වය ගැන සැළකිලිමත්ව නිර්මාණය කරන ලද විශිෂ්ට තාක්ෂණික නිර්මාණයන් අපේ නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ නව්‍යකරණය ජාත්‍යන්තර සම්මාන රාශියක් අප වෙත දිනා දී තිබෙන අතර TAFE නම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සමඟ දැඩිව බැඳුණු නාමයක් බවට පත් කර තිබෙනවා

Locate authorized TAFE TRACTORS dealers for tractors, parts, and service
අපගේ අලෙවි නියෝජිත ජාලය

අපගේ අලෙවි නියෝජිත ජාලය / අලෙවි නියෝජිතයෙකු සොයා ගන්න

ඔබට අවශ්‍ය නව ට්‍රැක්ටරයක්ද අමතර කොටස්ද අලෙවියෙන් පසු සේවයද ඔබට එය අපේ බලයලත් නියෝජිතයෙක් හරහා ලබාගත හැකියි පහත ‘නියෝජිතයෙක් සොයා ගන්න’ බොත්තම ක්ලික් කර ඔබේ කලාපයේ/ප්‍රදේශයේ TAFE ට්‍රැක්ටර නියෝජිතයෙක් සොයා ගන්න