ඔබට ඇති ප්‍රශ්න මොනවාද ?

අප අමතන්න

TAFE TRACTORS SRI LANKA

බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර්, අංක 34, ශ්රීමත් මොහෝමඩ් මැකාන් මාකාර් මාවත, කොළඹ 03, ශ්රී ලංකාව විද්යුත් තැපෑල, දුරකථනය

විද්යුත් තැපෑල

contact@tafetractors.com

දුරකථනය

+94 112 663 000
නිතර අසනු ලබන

ප්රශ්න (FAQ)

1) TAFE ට්‍රැක්ටර් මාදිලිවල ඇති අශ්වබල (hp) පරාසය කුමක්ද?

TAFE සමාගම විවිධ ගොවිතැන් කටයුතු වෙනුවෙන් නිර්මාණය කෙරුණු අශ්වබල 24 සිට 100 දක්වා පරාසයක ට්‍රැක්ටර් රථ නිෂ්පාදනය කරයි. හුරුබුහුටි මොඩලයන්ගේ සිට මධ්‍යම ප්‍රමාණයේ සහ දැවැන්ත මාදිලියේ ට්‍රැක්ටර් රථ දක්වා වන මෙම ට්‍රැක්ටර් පෙළ ඔබේ සිය`ඵම ආකාරයේ කෘෂිකාර්මික කටයුතු වලට ගැලපෙන විසඳුම් සපයනු ඇති.

2) TAFE ට්‍රැක්ටර නිෂ්පාදනය වන්නේ කොහේද? ඔබ වෙත පැමිණෙන්නේ කොහි සිටද?

TAFE ට්‍රැක්ටර ඉන්දියාවේ සාඩම්බර නිෂ්පාදනයක් වන අතර උසස්ම තත්ත්වයේ ට්‍රැක්ටර් රථ නිර්මාණය කිරීමට අප ගන්නා උත්සාහයේ සාර්ථකත්වයට හොඳම සහතිකය වන්නේ ලෝකය පුරා රටවල් විශාල ගණනාවක TAFE ට්‍රැක්ටර් ලබා ඇති ජනප්‍රියත්වයයි.

3) ඔබේ ට්‍රැක්ටර් වල මිල පරාසය කුමක්ද?

TAFE ට්‍රැක්ටර් හි අපි අපගේ සේවාවන් ලබා දෙන ගෝලීය වෙලඳපොලවල විවිධත්වය අගය කරමු. මුදල් විනිමය අනුපාතවල වෙනස් වෙන සු`ඵ ස්වභාවය සහ රටවල් අතර ඇති මිල වෙනස්කම් වැනි හේතූන් නිසා අපගේ වෙබ් අඩවියේ නිෂ්පාදන සම්බන්ධයෙන් ස්ථාවර මිල ගණන් දැක්වීම අපහසු නිසා අප එයින් වැළකී සිටිමු. ඒ වෙනුවට, අපි අපගේ ගෞරවනීය ගනුදෙනුකරුවන්ගෙන් තොරතුරු විමසීමේදී ඔබ අප අමතන ස්ථානය සහ ඔබව සම්බන්ධ කරගැනීමට අදාළ තොරතුරු අපට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. ඔබ වෙනුවෙන්ම කැපවූ අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම ඔබ සිටින නිශ්චිත ප්‍රදේශය සහ ඔබේ විශේෂිත අවශ්‍යතාවයට අනුව ඔබට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට කටයුතු කරනු ඇත. ඔබගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලික මට්ටමේ ප්‍රතිචාරාත්මක සේවාවක් පිරිනැමීමට අප උත්සාහ කරන අතර මේ සම්බන්ධයෙන් ඔබගේ අවබෝධය අපි අගය කරමු.

4) ඔබ ලබා දෙන අලෙවියෙන් පසු සහාය මොනවාද?

TAFE පාරිභෝගික සේවා කණ්ඩායම නිරන්තරයෙන් විශ්වාස කරන මූලික වටිනාකම වන්නේ ‘පාරිභෝගික තෘප්තියයි’. එම පුහුණුව ලත් වෘත්තිකයින් කණ්ඩායම සිය`ඵ බෙදාහැරීම් නියෝජිතයින් සහ බලයලත් සේවා මධ්‍යස්ථාන සමඟ නිරන්තරයෙන්ම සම්බන්ධ වෙමින් පාරිභෝගිකයන් හට හොඳම අලෙවියෙන් පසු සේවය ලැබෙන බවට තහවුරු කිරිමට කටයුතු කරයි. ඊට අමතරව TAFE සමාගම සිය බෙදාහැරීම් සහ අලෙවි නියෝජිතයින් සේවා මධ්‍යස්ථාන හරහා අමතර කොටස් ට්‍රැක්ටර වැඩබිමටම සැපයිය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කර ඇත.

5) ඔබට ළඟම TAFE ට්‍රැක්ටර් නියෝජිතයෙක් සොයා ගන්නේ කෙසේද?

‘නියෝජිතයෙක් සොයා ගන්න’ - ඔබට පහසුවෙන් අපේ නිෂ්පාදන සහ සේවාවන් වලට ප්‍රවේශය ලබා ගැනීමට අපේ නියෝජිත ජාලයෙන් ඔබට ගැලපෙන නියෝජිතයෙක් තෝරා ගන්න.